The Witcher
ඔයාලට අරං ඇවිත් තියෙන්නේ Netflix අය විසින් නිකුත් කරපු කතා මාලාවක්.Andrzej Sapkowski විසින් රචනා කරන ලද The Witcher නම් නවකතාව පාදක කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය වන්නේ. 2001 වර්ෂයේ නිකුත් වූ The Hexer නම් කතා මාලාවද Andrzej Sapkowski විසින් රචනා කරන ලද නවකතාවකින් නිර්මාණය වූවක්. Lauren Schmidt Hissrich විසින් නිර්මාණය කරන ලද මෙම කතා මාලාව දැනට හිමි කරගෙන ඇති IMDB අගය 9.5ක් තරම් වෙනවා (ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්). 96% ක් තරම් ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත ගැනීමට මෙම කතා මාලාව සමත් වී ඇති අතර මෙය Action, Adventure, Drama යන කාණ්ඩ වලට මෙම කතාව අයත් වෙනවා. දෙවැනි කතමලාවක් එන බවටත් ඉගියක් මොවුන් දීලා තියෙනවා. මේ සදහා Henry Cavill, Freya Allan, Anya Chalotra, Jodhi May, Björn Hlynur Haraldsson, Adam Levy, MyAnna Buring, Mimi Ndiweni යන නළු නිලියන් රංගනයට දායක වෙනවා. ප්‍රදාන නළුවගේ චරිතයට පණ පොවන Henry Cavill තමයි Man of Steel (2013) චිත්‍රපටයට හා Batman v Superman: Dawn of Justice (2016) යන චිත්‍රපට වල සුපර් මෑන් ලෙස රංගනයෙන් දායක උනේ. එපිසෝඩ් අටකින් සමන්විත වෙනවා මේ කතා මාලාව. එහෙනම් අපි හැරෙමු කතාවේ සාරාංශය පැත්තට පොඩ්ඩක් හැරෙමු.
විචර් කිව්වොත් අපිට මතක් වෙන්නේ රාක්ෂයෝ මරණ කෙනෙක්ව. ඉතින් පලවෙනි කොටස පටන් ගද්දිම විචර් රාක්ෂයෙක්ව මරණ සීන් එකකින් තමයි පටන් ගන්නේ. ඒ වගේම විචර්ට රාජකාරියක් හම්බෙනවා රෙන්ෆ්රි කියලා කාන්තාවක් මරන්න එත් විචර් ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ. මොකද විචර් මරන්නේ රාක්ෂයන්ව විතරයි. ඒ වගේම කුමාරිකාවක් ඉන්නවා සිස්ට්‍රා කියන රාජ්‍යයේ ඇයව පොඩි කාලේ ඉදන් ආරක්ෂිතව හදා වඩා ගන්නවා ඇයවත් දන්නේ නැහැ ඇයට තියෙන බලය. කොහොම හරි සිස්ට්‍රා රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනවා ඔයාලට බලාගන්න පුළුවන් කතාව අන්තිමේදී ඒ ඇයි කියලා. ඒ වගේම විචර්ට බාර දෙන ඒ වැඩේ කරයිද? ඇත්තටම විචර් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලාට කතාව අවසානයේදී දැකගන්න පුළුවන්.
No comments:
Post a Comment